Thursday, May 16, 2024

General line - 0115112241

නිව්යෝක්වලින් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දින 3කට වරක් දෙගුණයකින් ඉහළට




අමෙරිකාවේ නිව්යෝක් ප‍්‍රාන්තයට ඇතුලූ වූ හෝ ඉන් පිටව ගිය  ඕනෑම පුද්ගලයෙකු දින 14 ක කාලයක් අනිවාර්යයෙන් ස්වයං නිරෝධායනයට ලක් විය යුතු බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා. ඒ, මිලියන 08 කට අධික ජනගහනයක් වෙසෙන නිව්යෝක් ප‍්‍රාන්තයේ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සීඝ‍්‍රයෙන් ඉහළ යාම හේතුවෙන්.

නිව්යෝ්ක් ප‍්‍රාන්තයෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සෑම දින තුනකට වරක්ම දෙගුණයකින් ඉහළ යන බව අමෙරිකානු සෞඛ්‍ය අංශවල අවධානයට ලක්ව තිබෙනවා.

නිව්යෝර්ක් ප‍්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් සඳහා රෝහල් ඇඳන් එක්ලක්ෂ 40,000 ක් අවශ්‍යතාවයක් මතු වනු ඇතැයි අනුමාන කළ ද එය දැනට පවතින රෝහල් ඇඳන් සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් වන බැවින් අර්බුදයක් හටගනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වන මුලූ කොරෝනා මරණ සංඛ්‍යාව 784 ක්. කොරෝනා ආසාදිතයින් 54,914 දෙනෙකු ද එරටින් වාර්තා වනවා. 

මේ අතර, පැය 24 ක් තුළදී ඉතාලියෙන් මෙතෙක් වාර්තා වූ දෙවන විශාලතම කොරෝනා මරණ සංඛ්‍යව ඊයේ වාර්තා වුණා. ඒ අනුව ගත වූ පැය 24 තුළ ඉතාලියෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 743 ක්. 

මේ අතර නව කොරෝනා ආසාදිතයින්ට ප‍්‍රතිකාර කිරීම සඳහා කැප වීමෙන් සේවය කරමින් සිට මියගිය වෛද්‍යවරයෙකු ජාතික වීරවරයෙකු ලෙස නම් කිරීමට පකිස්ථානය සූදානම් වනවා. 26 වන වියේ පසු වූ මෙම වෛද්‍යවරයා උස්මාන් රියාස් නැමැත්තෙක්. ප‍්‍රමාණවත් ආරක්ෂක උපකරණ හෝ නොමැතිව නව කොරෝනා ආසාදිතයින්ට ප‍්‍රතිකාර කිරීමට ඇතැම් පකිස්ථාන වෛද්‍යවරුන්ට සිදුව ඇතැයි විදෙස් වාර්තා පවසනවා.

වෛද්‍ය උස්මාන් රියාස් ද සේවයේ යෙදී සිට ඇත්තේ සාමාන්‍ය මුව ආවරණයක් පමණක් පැළඳගෙනයි. 
මේ අතර නිවෙස්වලට වී සිටියදී ඇති වන කාන්සිය මග හරවා ගැනීම සඳහා ජර්මන් වැසියන් ද සඳළුතලයට පැමිණ ගීත ගායනා කිරීම ආරම්භ කර තිබෙනවා. මීට පෙර ඉතාලි වැසියන් ද මෙලෙස සඳළුතලයන්හි සිට ගීත ගායනා කිරීම ආරම්භ කළා.