Friday, May 17, 2024

General line - 0115112241

නිවෙස්වලින් පිටතට යන බි‍්‍රතාන්‍යයන්ට පවුම් 960 ක දඩයක්




නිවෙස් තුළට වී සිටින ලෙසට රජය විසින් සිදුකර ඇති දැනුම්දීම් නොසලකා සිය නිවෙස්වලින් පිටතට පැමිණෙන පුද්ගලයින් සොයා බි‍්‍රතාන්‍ය පොලීසිය දැඩි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ බි‍්‍රතාන්‍යයට අයත් සියලූ රාජ්‍යයන්හි මාර්ගවලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි. 

ඒ අනුව මාර්ගවල ධාවනය වන සියලූ රථවාහන දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙනවා. අත්‍යවශ්‍ය කටයුත්තකට හැර සිය නිවෙසින් බැහැරට පැමිණෙන පුද්ගලයින් හට දඩ පැනවීමටත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් පොලීසියට බලය පවරා ඇති බව ද සඳහන්. ඒ අනුව අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවෙස්වලින් පිටතට පැමිණෙන පුද්ගලයින් හට ස්ටර්ලින් පවුම් 960 ක උපරිමයකට යටත්ව දඩ පැනවීමක් සිදු කෙරෙනවා.

ඒ අනුව යම් පුද්ගලයෙකු අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා කිහිපවරක් නිවෙසින් පිටතට පැමිණිය හොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. බි‍්‍රතාන්‍ය වැසියන්ගෙන් සියයට 7 ක් පමණ තවමත් මිතුරන් මුණ ගැසීමටත් තවත් සියයට 8 ක ප‍්‍රතිශතයක් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහාත් නිවෙස්වලින් බැහැරට පැමිණෙන බවයි වාර්තාවක් හෙළි කර ඇත්තේ.