Thursday, May 2, 2024

General line - 0115112241

කොරෝනා මරණ තිස්දහස ඉක්මවයි - ආසාදිතයින් හය ලක්ෂ 62852ක්




ලොව පුරා කොරෝනා මරණ 30,000 ඉක්මවා තිබෙනවා. මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන හය ලක්‍ෂ 62,852 ක්.

ලොවපුරා කොරෝනා මරණ 30,847 ක් මේ දක්වා වාර්තා වී තිබෙනවා.

ගතවූ පැය 24 දී වැඩිම මරණ ඉතාලියෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 889 ක්. ස්පාඤ්ඤයෙන්ද ගතවු පැය 24 දී කොරෝනා මරණ 844 ක් වාර්තා වී තිබෙනවා.

අමෙරිකාවෙන් කොරෝනා මරණ 515 ක් සහ ප‍්‍රංශයෙන් මරණ 319 ක් ගත වූ පැය 24 දී  වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ. 

අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 2,211 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරටින් ගත වු පැය 24 දී පමණක් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 19,302 ක්.

ඊයේ රාති‍්‍ර 10 වනවිට ලොවපුරා කොරෝනා ආසාදිතයින් හය ලක්‍ෂ 29,471 ක් වාර්තා වී තිබුණා. අද පෙරවරුව වනවිට තවත් කොරෝනා ආසාදිතයින් 33,000 කට වැඩි පිරිසක් වාර්තාවීමත් සමග ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන හය ලක්‍ෂ 62,000 ඉක්මවා තිබෙනවා.