Thursday, May 2, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය ආසාධිත පුද්ගයෙකු ඇසුරු කර මුහුදු ගිය ධීවරයෙකු නැවත ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදා සහය  (PHOTOS)




ත්‍රිකුණාමලය පොලිසිය විසින් සිදු කල දැනුම් දීමකට අනුව කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කර ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලයෙකු නැවත ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව අද (29) කටයුතු කර තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයෙකු ඇසුරු කල නිරෝධායන කටයුතු සඳහා යොමු කල යුතුව ඇති පුද්ගලයෙකු ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් හොර රහසේ නැවතත් ගොඩබිමට පැමිණීමට උත්සහ දරණ බවට ත්‍රිකුණාමලය පොලීසිය විසින් නාවික හමුදාව වෙත සිදු කල දැනුම් දීමකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් විසින් එම පුද්ගලයා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාව සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදි. 

පසුව අදාල පුද්ගලයා ගමන්ගත් යාත්‍රාව සහ සැක පිට තවත් යාත්‍රා දෙකක් සමඟ එම යාත්‍රාවන්ගේ ගමන් ගත් පුද්ගලයින් දහ දෙනෙකු (10) ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන්වා ගැනීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.  ඒ අනුව අද (29) අළුයම් කාලයේදී අදාල යාත්‍රාවන් තුන ගොඩබිමට ගෙන්වා ගෙන ඇත.

පසුව නාවික හමුදා වෛද්‍ය කණ්ඩායමක් විසින් සියළු ආරක්‍ෂක විවි විධාන අනුගමනය කරමින් එම යාත්‍රාවන්හි ගමන් ගත් පුද්ගලයින් හට මූලික රෝග ලක්‍ෂණ ඇතිද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලද අතර, ඔවුන් ගමන් ගත් යාත්‍රාවන්ද නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් විෂබීජහරණට ලක් කිරීමටද කටයුතු කර ඇත.