Thursday, May 2, 2024

General line - 0115112241

කොරෝනා ආසාදනය වූ ළදරුවෙකු අමෙරිකාවේදී ජීවිතක්‍ෂයට




කොරෝනා වෛරසය ආසාදනය වූ ළදරුවෙකු අමෙරිකාවේදී ජීවිතක්‍ෂයට පත්වී තිබෙනවා. එරටින් වාර්තා වූ පළමු කොරෝනා ළදරු මරණය මෙය බවයි CNN පුවත් සේවය වාර්තා කළේ.

මෙම මරණය අමෙරිකාවේ චිකාගෝ නුවරින් වාර්තා වී ඇති බව එරට මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා උපුටා දක්වමින් එම පුවත් සේවය සඳහන් කළා.

මීට පෙර කොරෝනා ළදරු මරණයක් චීනයෙන්ද වාර්තා වී තිබුණා. එලෙස මියගොස් තිබුණේ වසරකට අඩු ළදරුවෙක්. මේ වනවිට අමෙරිකාවෙන් කොරෝනා මරණ 2,227 ක් වාර්තා වී තිබෙනවා. එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 23,750 ක්.