Thursday, May 2, 2024

General line - 0115112241

කොරෝනා ආසාදනය වූ 05ක් දැඩි සත්කාර ඒකකයේ




අසාධ්‍ය තත්වයේ පසුවන කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් පස් දෙනෙකු මේ වන විට අංගොඩ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා.

රජය සහ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස්වලට අවනත නොවී ජනතාව කටයුතු කළහොත් රෝහල්ගතවන රෝගීන් සංඛ්‍යාවද වැඩි විය හැකි බවයි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ.

IDH රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මේ බව සඳහන් කළා.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු අද (29) මෙරටින් හදුනා ගැණුනා. ඒ අනුව මෙරටින් මේ දක්වා හදුනා ගැණුනු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 115 ක් දක්වා ඉහළ ගියා. මෙරටින් මේ දක්වා එක් කොරෝනා මරණයක් වාර්තා වී තිබෙනවා. 

මේ අතර බි‍්‍රතාන්‍යයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් දෙදෙනෙකුද කොරෝනා වෛරසය ආසාදනය වී මියගොස් තිබෙනවා.