Saturday, April 20, 2024

General line - 0115112241

හෙට තරගය ගැන මැතිව්ස් කතා කරයි




නවක වේග පන්දු යවන ක‍්‍රීඩක විශ්ව ප‍්‍රනාන්දු, ඔස්ටේ‍්‍රලියාව සමග හෙට (04) පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී බොහෝ දුරට ශ‍්‍රී ලංකා පිලට එක්වනු ඇතැයි කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව පැවසුවා.

පළමු ටෙස්ට් තරගය ජයග‍්‍රහණයෙන් පසුව ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉහළ මානසිකත්වයෙන් පසුවන බවද ඇන්ජලෝ මැතිව්ස් පැවසුවා.  ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියා දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වනවා.