Thursday, May 2, 2024

General line - 0115112241

ඉන්දියාව තවදුරටත් වසා තැබීමට මෝදිගේ අවධානය




නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දින 21 ක කාලයකට වසා දමා තිබෙන ඉන්දියාවේ සියලූ ප‍්‍රාන්ත යළි විවෘත කිරීමේ කාල සීමාව තවදුරටත් දීර්ඝ කිරීම කෙරෙහි ඉන්දීය රජයේ අවධානය යොමුව තිබෙනවා. පසුගිය මාර්තු 25 වනදා සමස්ත ඉන්දියාවම වසා දමමින් ඇඳිරි නීීතිය පැනවූ අතර එය ඉවත් කිරීමට නියමිතව ඇත්තේ ලබන 14 වනදායි. නමුත්, ඉන්දියාව තුළ තවදුරටත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් ලබන 14 වනදා එලෙස ඇඳිරි නීතිය ඉවත් කිරීම සුදුසු නොවන බවයි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කර ඇත්තේ. 

ලබන 14 වනදායින් පසුව තවදුරටත් ඉන්දියාව වසා දමන ලෙස ප‍්‍රාන්ත ප‍්‍රධානීන් ද තමාගෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා. 

ඒ අනුව ඉන්දියාවේ සියලූ ප‍්‍රාන්ත ලබන 14 වනදා විවෘත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍ය මෝදි හෙට දිනයේ එරට ප‍්‍රධාන අමාත්‍යවරුන් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි. 

ඉන්දියාව වසා දැමීමේ තීරණය දීර්ඝ කළ ද මෙවර එහි වෙනස්කම් රැුසක් සිදු වනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. දීර්ඝකාලීනව රට වසා තැබීමේදී දැවැන්ත ආර්ථික කඩා වැටීමක් සිදු විය හැකි බැවින් යම් යම් අංශවලට ලිහිල් කිරීමක් සිදු කරනු ඇති බව එරට වාර්තා පවසනවා. 
කෙසේ වෙතත්, මෙලෙස දිගින් - දිගටම ඉන්දියාවේ සියලූ ප‍්‍රාන්ත වසා දමා තිබියදී ඉන්දියාවේ මිලියන 10 කට අධික පුද්ගලයින් ආහාර අර්බුදයකට මුුහුණ පානු ඇති බවටයි එරට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවා සිිටින්නේ. 

ගත වූ පැය 24 තුළදී පමණක් ඉන්දියාවෙන් කොරෝනා මරණ 51 ක් වාර්තා වී ඇති අතර එම කාල සීමාව තුළ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 809 ක්. ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් මුලූ කොරෝනා ආසාදිතයින් 6,725 දෙනෙකු සහ කොරෝනා මරණ 229 ක් වාර්තා වනවා. 

මේ වනවිට ලොව පුරා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන දහසය ලක්ෂ 19,753 ක්. ලොව පුරා කොරෝනා මරණ 97,046 ක් ද 
වාර්තා වනවා.