Saturday, May 18, 2024

General line - 0115112241

නෙත් සමග එක් වූ 'කප්රුක' IDH රෝහලේ කාර්ය මණ්ඩලයේ නිවෙස්වලට යයි




බොහෝ දෙනා නිවසට වී අද (13) සිංහල සහ දෙමල අලූත් අවුරුද්ද සැමරුවත් තවත් අයෙකු අද දිනයේ ගත කරනු ඇත්තේ රට වෙනුවෙන් සිය රාජකාරී ඉටු කරමින්. වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය, ආරක්ෂක කාර්ය මණ්ඩලයද 
ඒ අතර වනවා. 

නව කොරෝනා ආසාධිතයන් සඳහා ප‍්‍රතිකාර කරන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ රෝහල වන IDH උණ රෝහලේ කාර්ය මණ්ඩලයද දැන් මාසයකටත් වැඩි කාලයක් තිස්සේ සිටින්නේ රාජකාරියටම සීමා වෙමින්.

ඒ අනුව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදාවේදි ඔවුන්ට කෘතඥතාව පළ කිරීමට කප්රුක ආයතනය නෙත් එෆ්. එම්. රෙඩියෝව සමග එක් වුණා.

එහි සභාපති දුලිත් හේරත් ඒ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ "IDH රෝහලේ කාර්ය මණ්ඩලය ගැන හිතුවොත් ඒ අය මාස ගණනකින් ගෙවල්වල ගිහින් නෑ. අපි හිතුවා මේ අය වෙනුවෙන් මොකක් හරි කරන්න ඕනේ කියලා. ඔවුන්ගේ නිවෙස් වලට යම්කිසි දෙයක් ලැබෙන්න සලන්වන්න පුළුවන් නම් ඒක ඔවුන්ට සතුටින් තබන්න පුළුවන් අවස්ථාවක් වෙයි කියලා හිතුවා."

ඇති දේ බෙදා ගැනීමටත් හැකි දේ අප විසින්ම නිපදවා ගැනීමටත් දිරි දෙමින් නෙත් එෆ්. එම්. රේඩියෝව සහ අපි ජාතික බලවේගය එක්ව ශී‍්‍ර ලාංකේය විශ්වකර්ම පෙළහර ආරම්භ කළා.

ඒ සමග එක්වෙමින් අන්‍යයන් සඳහා දේවල් බෙදාහදා ගැනීමට බොහෝ පිරිස් එක්ව සිටින්නේ ඉතා ඕනෑකමින්. IDH උණ රෝහලේ ස්කෑන් යන්ත‍්‍රයක් ස්ථාපිත කිරීමටද මේ යටතේ කටයුතු කරමින් තිබෙනවා.