Tuesday, May 7, 2024

General line - 0115112241

නීතිය කඩ කළ විදේශිකයින්ටදුන් පාසැල් කාලයේ දඬුවම




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම සඳහා පනවා ඇති තහනම කඩ කරමින් එළිමහනේ කාලය ගත කරමින් සිටි සංචාරකයින් 10 දෙනෙකුට පොලිසිය විසින් ලබාදුන් අපුරු දඬුවමක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

උතුරු ඉන්දියාවේ රිෂිකේෂ් හිදී මෙම විදේශිකයින් 10 දෙනා සිය ප්‍රසිද්ධ ස්ථාන වල ගැවසීම හේතුවෙන් ඔවුන්ට මෙම අපුරු දඬුවම ලබාදී තිබෙනවා.

රජය විසින් පනවා ඇති නීතියට අවනත නොවීම හේතුවෙන් පොලිසිය විසින් මෙම සංචාරකයින් 10 දෙනාට "I am So Sorry” යනුවෙන් 500 වතාවක් ලිවීමට පොලිසියෙන් නියෝග කර ඇත.

ඊශ්‍රායලය, මෙක්සිකෝව, ඔස්ට්‍රියා සහ ඕස්ට්‍රේලියා යන රටවල් වල සිට ඉන්දියාවේ සංචාරයට පැමිණ සිටි එම විදේශිකයින් පොලිසියේ දඬුවම පිළිගනිමින් ඔවුන් තමන් සිටිය ස්ථානයේ සිටම එය ලියා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම සඳහා මුළු ඉන්දියාවම සම්පුර්ණයෙන් වසා දැමීමට අගමැති නරේන්ද්‍ර මෝදී පියවර ගනු ලැබුවා.

මේ වන විට අත්‍යාවශ්‍ය සේවා සපුරා ගැනීමට, ඖෂධ ලබා ගැනීමට හැර වෙනත් කාරණාවකට එරට කිසිවෙකුටත් නිවසින් පිටව යාම තහනම් කර ඇත.

මේ වන විට ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 8,300ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 273ක්.