Tuesday, April 30, 2024

General line - 0115112241

කොරෝනාවේ බලපෑම අඩු වෙන්නේ කවදාද ? සිංගප්පුරු සරසවියක් සිදුකළ හෙළිදරව්ව




ලොවපුරා ව්‍යාප්තවී ඇති කොරෝනා වෛරසය මෙම වර්ෂයේ දෙසැම්බර් මස තෙවන සතිය වන විට අවසන් වනු ඇති බව සිංගප්පුරුවේ තාක්ෂණ හා සැලසුම් විශ්ව විද්‍යාලය අනාවැකියක් පළ කර සිටිනවා.

ඒ මේ වන විට වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ රෝගීන් සහ අදාළ රටවල රෝග ව්‍යාප්තිය වී ඇති ආකාරය පදනම් කර ගනිමින්.

මෙම දත්ත විශ්ලේෂණය අනුව ගෝලීය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැයි මස 31 වනදා සිට ක්‍රමයන් අඩු වන අතර එය දෙසැම්බර් තෙවන සතිය වන විට අවසන් වනු ඇති බවට අනාවැකි පළකර ඇත.

සිංගප්පුරුවේ වර්ථමානයේ පවතින කොරෝනා ව්‍යාප්තියේ පාලනයක් මැයි මස 12 වෙනිදා සිට අපේක්ෂා කරන බවත් ජුනි මස අවසානයේදී තත්ත්වය යහපත් අතට හැරෙනු ඇති බව සඳහන්.

ලොව වැඩිම කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන අමෙරිකාවේ තත්ත්වය මැයි මස 18 වන විට සීයයට 97ක් පාලනයක් ගනු ඇති බවයි.

අමෙරිකාවට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවසන් වීමට සැප්තැම්බර් අවසන් සතිය දක්වා කාලයක් ගත වෙනු ඇති බවයි සිංගප්පුරු තාක්ෂණ හා සැලසුම් විශ්ව විද්‍යාලය අනාවැකි පලකර සිටින්නේ.

සිංගප්පුරුවේ තාක්ෂණ හා සැලසුම් විශ්ව විද්‍යාලය පලකොට ඇති අනාවැකි කිහිපයක් පහතින් දැක්වේ :