Monday, April 29, 2024

General line - 0115112241

ට‍්‍රම්ප්ගේ චෝදනා ප‍්‍රතික්ෂේප කර,  ඕස්ටේ‍්‍රලියාව චීනයේ සහයට එයිි




කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ බව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් සිය රජය සතුව නොමැති බව ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප‍්‍රකාශ කර තිබෙනවා. 

කැන්බරා නුවර අද (01) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී ඔහු මේ බව සඳහන් කළේ, කොරෝනා වෛරසය චීනයේ රසායන විද්‍යාගාරයකින් ආරම්භ වී ඇතැයි විශ්වාස කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඞ් ට‍්‍රම්ප් ඊයේ (30) සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්. අමෙරිකාව විශ්වාස කරන එම න්‍යායට අනුබල දීමට  ඕස්ටේ‍්‍රලියාවට කිසිදු සාක්ෂියක් හෝ පිළිගත හැකි තොරතුරක් නොමැති බව ද අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප‍්‍රකාශ කර තිබෙනවා.

නමුත්, චීනය සම්බන්ධයෙන් අමෙරිකාව දක්වන අදහස්වලට සහය පළ කරමින් පසුගිය මාසයේදී  ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබුණේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සිදු වූ ආකාරය සෙවීම සඳහා චීනය ජාත්‍යන්තර පරීක්ෂණයකට ලක් කළ යුතු බවයි. එම සිදුවීමෙන් පසු ඕස්ටේ‍්‍රලියාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ද පළුදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

කෙසේ වෙතත්, චීනයේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකට අනුබල දෙනු ලැබුවේ, ලෝක ප‍්‍රජාවගේ යහපත උදෙසා කොරෝනා වෛරසයේ පැතිරයාම සම්බන්ධයෙන් වැඩි අවබෝධයක් ලබා ගැනීමේ අරමුණින් පමණක් බවද ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 

කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරයේ රසායනාගාරයකින් නිපදවන ලද බවට එල්ල වන චෝදනා වූහාන්හි වෛරස් රෝග පිළිබ`ද විද්‍යායතනය ද තරයේ ප‍්‍රතික්ෂේප කළා. බොහෝ විද්‍යාඥයින්ගේ මතය වනුයේ කොරෝනා වෛරසය වන ජීවීන් මගින් මිනිසුන්ට පැතිරෙන්නට ඇති බවටයි. විශේෂයෙන්ම වවුලන් සහ කබල්ලෑවන් මගින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ බවටයි විද්‍යාඥයින් මත පළ කරන්නේ.