Tuesday, April 30, 2024

General line - 0115112241

මියගිය බව කියූ උතුරු කොරියානු නායකයා පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියි (PHOTOS)




උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් පළමු වරට ඊයේ (01) දිනයේදී ප්‍රසිද්ධියේ පෙනී සිටි ඇති බව එරට මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර සිටියා. පුරා සති තුනක කාලයක් අතුරුදහන්ව සිටිමෙන් අනතුරුවයි.

උතුරු කොරියානු නායකයා ලෝක කම්කරු දිනය යෙදී තිබු ඊයේ දිනයේදී සන්චොන් ප්‍රාන්තයේ පිහිටි පොස්පේට් පොහොර කර්මාන්ත ශාලාවක් විවෘත කිරිමට එක් වී සිටිය බවයි KCNA ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර සිටියා.

උතුරු කොරියානු නායකයා එම උත්සවයට සහභාගිවීමට අදාළ ජයාරූප කිහිපයක්ද එම ඒජන්සිය විසින් පළ කර තිබෙනවා.

හදිසි ශල්‍යකර්මයකට භාජනය වූ උතුරු කොරියානු නායකයා මියගොස් ඇති බවට පසුගිය සති දෙක තුලදී ඇතැම් විදෙස් මාධ්‍ය පුවත් වාර්තාකර තිබුනේ ඔහු ඉකුත් අප්‍රේල් මස 10 වෙනිදායින් පසු ප්‍රසිද්ධියේ පෙනී නොසිටිම හේතුවෙන්.