Tuesday, April 30, 2024

General line - 0115112241

ඕසෝන් ස්ථිරයේ ආක්ටික් සිදුර වැසේ




උත්තර ධ‍්‍රැවයට ඉහලින්  ඕසෝන් ස්තරයේ පැවති විශාල සිදුර මේ වන විට සම්පූර්ණයෙන් වැසී ගොස් ඇතැයි ලෝක කාළගුණවිද්‍යා සංවිධානය පවසනවා.  ඕසෝන් ස්තරයේ ‘‘ආක්ටික් සිදුර ’’ ලෙස ප‍්‍රකටව පැවති මෙය 2011 වසරෙන් පසු  ඕසෝන් ස්තරයේ හදුනා ගැණුනු විශාලතම සිදුරද බවයි ලෝක කාළගුණවිද්‍යා සංවිධානය පැවසුවේ.  

ඕසොන් ස්තරයේ පැවති මෙම සිදුර හේතුවෙන් ශීත සෘතුවේදී පෘථීවියේ උතුරු අර්ධ ගෝලයේ අසාමාන්‍ය සීතලක් පැවතියා. සිදුර වැසීයාමෙන් පසු දැන් එහි තත්ත්වය සාමාන්‍ය වී ඇති බවයි  ලෝක කාළගුණවිද්‍යා සංවිධානය වැඩිදුරටත් පැවසුවේ. කෙසේ වෙතත්  ඕසෝන් ස්තරයේ ‘‘ආක්ටික් සිදුර’’මෙලෙස වැසී යාම සහ නව කොරෝනා ව්‍යසනයක් සමග මිනිස් කි‍්‍රයාකාරකම් අඩු වී පරිසර දුෂණය අවම වීම අතර සම්බන්ධයක් නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර නව කොරෝනා ව්‍යසනයත් සමග පනවනු ලැබූ සීමා තවදුරටත් ලිහිල් කිරීමට යුරෝපා රටවල් කටයුතු කරමින් සිටිනවා. සති 07කට පසු පළමු වරට එළිමහනේ ව්‍යායාම කිරීම සඳහා වැඩිහිටියන්ට අවසර ලබාදීමටයි ස්පාඤ්ඤය තීරණය කර තිබෙන්නේ. ඒ අනුව ස්පාඤ්ඤයේ බොහෝ වීථී වල අද පෙරවරුවේ වැඩිහිටියන් ව්‍යායාම්වල යෙදී සිටිනු දක්නට ලැබුණා.

වෙළදසැල් යලි විවෘත කිරීමට අවසර ලබා දීමට  ඕස්ටි‍්‍රයාව තීරණය කර තිබෙනවා. එරට කොන්ඩා සැකසුම් මධ්‍යස්ථාන සහ රූපලාවන්‍ය මධ්‍යස්ථානද මේ වන විට විවෘත කර තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ. 

ඉතාලියේ සීමා ලිහිල් කිරීම ලබන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතයි. ඉතාලිය මාස දෙකක් පමණ තිස්සේ මෙම සීමාවලට යටත්ව තිබුණා. 
මේ අතර රුසියානු අග‍්‍රාමාත්‍යවරයාගෙන් පසු එරට අමාත්‍යවරයෙකුද නව කොරෝනා ආසාධනයට ලක්ව තිබෙනවා. ඒ අනුව එරට ජනාධිපති ව්ලැද්මිර් පුටින් මේවන විට අත්‍යාවශ්‍ය සාකච්ජා පවා සිදුකරන්නේ විඩියෝ තාක්ෂණයෙන් බවයි විදෙස් වාර්තා පවසන්නේ.

අනවසර සංක‍්‍රමනිකයන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට මැලෙසියාව කටයුතු කරමින් සිටිනවා. දරු දැරියන් ඇතුළු 700කට වැඩි පිරිසක් දැනටමත් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි මැලෙසියානු රජය පැවසුවේ. නව කොරෝනා පැතිරයාම පාලනය කිරීම සඳහා මෙම පියවර ගනු ලැබූ බවද ප‍්‍රකාශ කෙරුනා.