Tuesday, April 30, 2024

General line - 0115112241

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර වෙඩි හුවමාරුවක්




උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. දෙරටේ හමුදාවන් රැඳී සිටින දේශසීමා ආරක්ෂක කලාපයකදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ.

උතුරු කොරියානු භට පිරිස් පළමු වෙඩිල්ල තැබූ බවද සිය භට පිරිස් ඊට ප‍්‍රතිප‍්‍රහාර සිදු කළ බවද දකුණු කොරියාව පවසනවා.

කෙසේවෙතත් උතුරු කොරියාව මෙම වෙඩි තැබීම සිදු කළේ මැන්දැයි තවමත් අපහැදිලි බවයි දකුණු කොරියාව වැඩිදුරටත් පැවසුවේ.

වසර 05කට පසු උතුරු කොරියානු භට පිරිස් දකුණු කොරියනු භට පිරිස් වෙත සෘජුව වෙඩි තැබීමක් සිදු කළ පළමු අවස්ථාවද මෙය වනවා.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සති කිහිපයකට පසු ප‍්‍රසිද්ධියේ පෙනි සිට දිනක්වත් ඉක්ම යාමට පෙර මෙම වෙඩි තැබීම සිදු වීමද විශේෂත්වයක්.