Monday, April 29, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන්ට ශාකමය ඖෂධීය පානයක් විදෙස් රටකින්




නව කොරෝනා ආසාධනයට ප‍්‍රතිකාරයක් ලෙස ශාකමය ඖෂධීය පානයක් ආනයනය කිරීමට ටැන්සානියාව සූදානම් වනවා.

මැඩගස්කරයෙන් මෙම ශාකමය ඖෂධීය පානය ආනයනය කරන බවයි ටැන්සානියාවේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ. මෙම ශාකමය ඖෂධීය පානය නිපදවා ඇත්තේ මැලෙරියාව සඳහා වන ප‍්‍රතිකාර සඳහා යොදා ගැනෙන ශාකයකින්.

කෙසේවෙතත් මෙම ශාකමය ඖෂධීය පානය නව කොරෝනා ආසාධනයට ප‍්‍රතිකාරයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ දක්වාත් පිළිගෙන නැහැ.