Thursday, May 2, 2024

General line - 0115112241

ගතවූ පැය විසි හතරට ශ්‍රී ලංකාවෙන් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා නොවේ




ගත වූ පැය 24 තුළ සමාජයෙන් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවන බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. 

ඔහු කියාසිටියේ ගත වූ පැය 24 දී වාර්තා වූ රෝගීන් 11 දෙනාම නාවික හමුදා සාමාජිකයින් බවයි. ඔවුන්ද සොයාගෙන ඇත්තේ කදවුරුවල ප‍්‍රතිකාර ලබමින් සිටියදී බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 835 ක් වනවා. ඉන් 586 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන අතර සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 240 ක්.

ඉරණවිල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාධිතයින් 05 දෙනෙකු ද පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබෙනවා. 
මේ වන විට පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් ඇති ඔවුන් තම නිවසේදී ස්වයං නීරෝධානය විය යුතු බවටයි සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී ඇත්තේ.