Monday, April 29, 2024

General line - 0115112241

රාජකාරි වේලාවේ මත් වූ ජේලර්ට වැඩ වරදියි




රාජකාරී වේලාව තුළ බීමතින් සිටීම හේතුවෙන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අයත් ඇඹිලිපිටිය සිර මැදිරිය භාරව සිටි ජේලර්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

අගුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයා සහ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා ඊයේ (14) රාති‍්‍රයේ සේවා මුර පරීක්ෂාවකට ගිය අවස්ථාවේ අදාළ ජේලර්වරයා තවත් පිටස්තර පුද්ගලයින් දෙදෙනෙකු ද සමග මත්පැන් පානය කරමින් සිට ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව මත්පැන් පානය කරමින් සිටි පිටස්තර පුද්ගලයින් දෙදෙනා ඇඹිලිපිිටිය පොලිසියට භාර දී, චෝදනාවට ලක්ව සිටින ජේලර්වරයා අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ඒමට බන්ධනාගාර ප‍්‍රධානීන් කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.