Monday, May 6, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිත රෝගීන් 520 දෙනෙක් සුවය ලබයි 




මේ වන විට වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්  935න් 520 ක්ම සුව වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 406 ක් පමණයි.

මේ අතර කොරෝනා වෛරසය  ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 499 ක් වී තිබෙනවා. මේ අතර සමස්ථ නාවික හමුදා සාමාජිකයින් ගෙන් 177 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටිනවා.

සුවය ලබා රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති බවයි ඔහු සඳහන් කලේ.