Monday, May 6, 2024

General line - 0115112241

අසනීප වූ මුදල් අමාත්‍යාංශ ලේකම් සඳුදා සිට රාජකාරියට 




අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගලගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරී තිබෙනවා. ඒ අනුව, ඔහු ලබන සඳුදා සිට යළි සුපුරුදු රාජකාරී ආරම්භ කිරීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

ඉකුත් දිනවල අසනීප තත්ත්වය හේතුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම ධූරයේ වැඩ බැලීම සඳහා මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු වන පි‍්‍රයන්ත රත්නායක පත්කර තිබෙනවා.