Saturday, May 18, 2024

General line - 0115112241

කුවේට් හීදි කොරෝනා නිසා පීඩාවට පත් ලාංකිකයින් 448ක් දිවයිනට 




රැකියා සඳහා විදේශ ගත වූ ශ්‍රී ලාංකිකයන් අතුරින් කොරෝනා වසංගත තත්වය මත විවිධ අපහසුතාවයන්ට පත්වු 448ක පමණ පිරිසක් හෙට (19) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. 

විදේශ සබඳතා, නිපුනතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ උපදෙස් පරිදි, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති  කමල් රත්වත්තෙ විසින් මෙම පිරිස කුවෙට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙනවා. 

කුවේට් ගුවන් සේවයට අයත් යානා දෙකකින් පැමිණෙන මෙම පිරිසක් අඟහරුවාදා දහවල් ශ්‍රී ලංකාවට ළගාවන අතර ඉතිරි පිරිස එදිනම රාත්‍රී දිවයිනට පැමීණිමට නියමිතයි.

මෙම පිරිසෙන් හැටපස් දෙනකු පමණ කුවේට් රැදවුම් මධ්‍යස්ථානයේ රැදී සිටියවුන් වන අතර, 383 දෙනකු වීසා නොමැතිව කුවෙට් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී එරට රජය විසින් ලබාදුන් පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් වනවා.

කටුනායක ගුවන්තොටුපලේදි නියමිත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම උපයෝගි කරගනිමින් ශාරීරික උෂ්ණත්වය පරික්ෂා කොට විෂබීජ හරනය කිරිමෙන් අනතුරුව මෙම පිරිස එදිනම යුධ හමුදාව යටතේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි. 

කුවේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ක්‍රියකාරි මැදිහත් වීමෙන් කුවෙට් රාජ්‍ය බලධාරීන් සමඟ සිදු කරන ලද සාකච්ඡාවෙහි ප්‍රථිපලයක් ලෙස මෙම පිරිස දිවයිනට ගෙන්වා ගැනෙනවා.