Thursday, May 16, 2024

General line - 0115112241

කුවේට් සිටි ශ්‍රී ලාංකිකයින් 466ක් එයි

ටී කේ ජී කපිල




කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 466 දෙනෙකු , කුවේට් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා දෙකක් මගින් ඊයේ (19) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණියා.

පළමු ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 287 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

දෙවන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 179 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු සදහා යොමු කර තිබෙනවා.