Tuesday, April 30, 2024

General line - 0115112241

ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට




රට පුරා පනවා තිබු ඇදිරි නීතිය අද අළුයම 4 ට ලිහිල් කිරීමෙන් පසු රටපුරා සාමාන්‍ය ජනජීවිතය යළි යථා තත්ත්වයට පත්ව තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ වෙනදාට වඩා උනන්දුවෙන් ජනතාව නගර වෙත පැමිණෙන තත්ත්වයක් දැකගත හැකි වූ බවයි. 

සේවා ස්ථානවලට පැමිණීමේදීද වෙනදාට වඩා වැඩි පිරිසක් අද දිනයේ පොදු ප‍්‍රවාහන සේවා භාවිත කරනු දැකගත හැකි වුණා. 

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ අද සිට ලබන 3 වනදා තෙක් දුම්රිය ගමන්වාර 37 ක් ධාවනයට එක්කර ඇති බවයි. 

ඒ අතරට ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 13ක් ද අයත්. අද සිට දුම්රිය ගමන් වාර වැඩි කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියාසිටියේ. 

ලංකා ගමනා ගමන මණ්ඩලයද රටපුරා ධාවන සදහා බස් රථ 5,000 කට වැඩි සංඛ්‍යාවක් එක්කර තිබුණා. ඉකුත් සතියට සාපේක්‍ෂව ලබන සතිය තුළ අන්තර් පළාත් බස්රථ සහා වැඩි ප‍්‍රමුඛතාවයක්ද ලබාදීමට නියමිතයි. 

අද සිට ලබන බදාදා දක්වා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ රාතී‍්‍ර 10 සිට පසුදා අලූයම 04 දක්වා පමණයි. 04 වන බ‍්‍රහස්පතින්දා සහ පොසොන් පොහොය යෙදී ඇති 05 වන සිකුරාදා යන දෙදින තුළ දිවයිනටම කි‍්‍රයාත්මක වන පරිදි ඇඳිරි නීතිය යළි පැනවෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.