අමෙරිකාවේ ආරම්භ වී තිබෙන විරෝධතාවයන්ට සහය පළ කරමින් ලොව රටවල් කිහියකම විරෝධතා පැවැත්වෙන බවට වාර්තා වනවා. කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරිමේ සිද්ධියත් සමග ඊටඑරෙහිව අමෙරිකාවේ නගර රැසක 06 වන දිනටත් මේ වන විට විරෝධතා පැවැත්වෙමින් තිබෙනවා.
එම විරෝධතාවයන්ට සහය පළකරමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර, නවසීලන්තයේ නගර රැසක ද, ඕස්ට්‍රේලියාවේ ද මෙම විරෝධතා පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
මේ අතර බර්ලිනයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ද විරෝධතාවයක් පැවැත්වෙනවා.
අමෙරිකාවේ පැවැත්වෙන මෙම විරෝධතාවයන් හමුවේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවධානමක් ඇතිවිය හැකි බව වෛද්‍යවරුන් බිය පළ කර සිටිනවා.
මේ අතර පසුගිය දින 06 ක කාලය තුල පනවා තිබු ඇඳිරි නීතිය කඩ කරමින් විරෝධතාවයන්ට එක්වූ පුද්ගලයින් 4000ක් පමණ මේ වන විට එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.