Thursday, May 2, 2024

General line - 0115112241

නීතිමය බාධාවක් නැත්නම් දින 60 ක් තුළ මැතිවරණය පැවැත්වීමට කොමිසම සූදානම්




නීතිමය බාධාවක් ඇති නොවුනහොත් මහ මැතිවරණය පැවැත්වීමට වෙනත් දිනයක් නියම කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය සදහන් කළේ සෞඛ්‍ය උපදෙස් මත හැකි වහාම මැතිවරණය පැවැත්වීමට සූදානම් බවයි. 

වෙනත් මහ මැතිවරණවලට මෙවර මහ මැතිවරණයේදී අලූතින් සැලකිල්ලට ගතයුතු කරුණු රැසක් පවතින බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කළා.

අද, ඡන්ද හිමියන්ගේ දිනයයි. ඒ පිළිබද අදහස් දක්වමිනුයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය ඉහත අදහස් පළ කළේ.