Monday, May 6, 2024

General line - 0115112241

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට ජනපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කෙරේ




නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා ද ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා. 

නැගෙනහිර පළාත තුළ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන හඳුනා ගැනීම එහි ප‍්‍රධාන කාර්යයි. එසේ හඳුනා ගත් ස්ථාන හා පුරාවස්තු සංරක්ෂණය කරමින් ඒවා කළමණාකරණය සඳහා සුදුසු වැඩපිළිවලක් හඳුනා ගැනීම මෙන්ම ක‍්‍රියාත්මක කිරිම ද මෙම බළකායට පැවරී තිබෙනවා.

මෙම කාර්ය සාධක බළකායේ සභාපති ලෙස පත්කර ඇත්තේ ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නයි. සුරක්‍ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින්ද තවත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.
 
මේ අතර නැගෙනහිර ඇතුළු දිවයිනේ ප‍්‍රදේශ රැසක පුරාවිද්‍යාත්මක ස්ථානවල සිදුවන විනාශයන් සම්බන්ධයෙන් නෙත් එෆ් එම් රේඩියෝව ඉකුත් සමයේ දිගින් දිගටම තොරතුරු අනාවරණ කළා. 

මුහුදු මහා විහාරය පිළිබද පිළිබද පළමු වරට නෙත් එෆ් එම් බැලූම්ගල කළ අනාවරණය ඒ අතරින් ප‍්‍රධානයි. අනාවරණයෙන් නොනැවතී මුහුදු මහා විහාරය සංරක්‍ෂණයට පළමු පියවර තැබුවේද නෙත් එෆ් එම් රේඩියෝවයි.