Monday, May 6, 2024

General line - 0115112241

පාඨලී චම්පික සම්බන්ධ බව කියන සංදීප් අනතුර : සුදත් අස්මඩලට අධිකරණයෙන් ඇප




වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා අද ප‍්‍රතික්ෂේප කළා. 

ඒ අනුව සැකකරු ඇප මත මුදාහැරීමටයි නියෝග කෙරුණේ.

නීතිපතිවරයා විසින් ඉකුත්දා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත උපදෙස් ලබා දුන්නේ ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නා ලෙසටයි. 

ඒ, 2016 වර්ෂයේ රාජගිරිය ප‍්‍රදේශයේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ ගැටී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි වසන්කොට, ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මතයි. 

රිය අනතුර සිදුවූ අවස්ථාවේ හිටපු අමාත්‍යවරයා එම රථය පැදවූ බවට ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත්ව තිබියදී සාක්ෂිකරුවන්ගේ කටඋත්තර සටහන් කර ගැනීමේදී පාඨලී චම්පික රණවක නම ඉවත් කර ඒ වෙනුවට ඔහුගේ රියදුරුගේ නම ඇතුළත් කරන ලෙස හිටපු ස්ථානාධිපතිවරයා විසින් වැලිකඩ පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට බලපෑම් සිදුකර ඇති බවටයි නීතිපතිවරයා චෝදනා කර ඇත්තේ. 

නඩුවේ සැකකරුවන් වන හිටපු  අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ඔහුගේ  රියදුරු මේ වන විට ඇප මත මුදාහැර සිටිනවා.