Monday, May 6, 2024

General line - 0115112241

"දැමූ ඩීල් සහ කළ හොරකම් ඔප්පු කර පෙන්වන්නම්, ප්‍රසිද්ධ විවාදයකට එන්න" නිශ්ශංක සේනාධිපතිගෙන් අනුර කුමාර දිසානායකට ප්‍රසිද්ධ අභියෝගයක්




දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂී ලබා දීමට ඇවන්ට් ගාර්ඩ් නිර්මාතෘ නිශ්ශංක සේනාධිපති අද කටයුතු කළා.

මෙහිදී නීත්‍යානූකූල වූ සිය සමාගම දේශපාලන පලීගැනීමක් ලෙස පසුගිය යහපාලන රජය සහ එම රජයට සම්බන්ධව කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ බව ඔහු කොමිසම හමුවේ හෙළිකළා.

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් පාඩු සිදුවූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති ජනපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව නිශ්ශංක සේනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා.

කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් අනතුරුව නිශ්ශංක සේනාධිපති විසින් ප්‍රකාශ කළේ සිය ව්‍යාපාරය විනාශ කර දැමීම සඳහා යම් කිසි දේශපාලන අරමුණක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ විශේෂයෙන් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක, පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න යන හිටපු ඇමතිවරුන් සමග කටයුතු කළ බවයි.

එහිදී නිශ්ශංක සේනාධිපති ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට ප්‍රසිද්ධ විවාදයක් සඳහා අභියෝගයක් සිදු කළා. ජවිපෙ නායකයා විසින් සිදු කළ සියලු වංචාවන්ගේ සඳහා සාක්ෂි තමන් සතුව තිබෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.