Thursday, May 2, 2024

General line - 0115112241

අසුරු සැණින් මුහුදේ ගිලි ගිය වෙරළ තිරය (VIDEO)




දැවැන්ත නාය යාමක් සමග වෙරළ තිරයක් මුහුද යට ගිලී අතුරුදහන් වීමේ පුවතක් නොර්වේ රාජ්‍යයෙන් වාර්තා වනවා. නොර්වේ හි පිහිටි උතුරු අල්ටා නගරයේ වෙරළ තිරයට මායිම්ව තිබු මෙම ගොඩබිම් ප්‍රදේශය ඇතිවූ නාය යාමක් සමග මුහුද යට සැඟව ගියේ ගොඩනැගිලි 08 ක් ද සමගින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ගොඩබිම් ප්‍රදේශය සම්පුර්ණයෙන්ම මුහුද යටට ගිලා බැස ගොස් ඇති අතර ගොඩනැගිලි කිහිපයක නටඹුන් පමණක් මුහුදු ජලයේ පාවෙමින් තිබෙන අයුරු කැමරාවක සටහන්ව තිබෙනවා. මෙලෙස නාය යාමට ලක්ව ඇත්තේ මිටර් 800ක් දිගින් සහ මිටර් 40 උසින් යුත් භුමි ප්‍රදේශයක් බවයි බලධාරින් ප්‍රකාශ කර සිටින්නේ.

මෙම සිදුවීමෙන් කිසිදු ජිවිත හානියක් හෝ තුවාල ලැබුවන් වාර්තා නොවන බවයි එරටින් ලැබෙන වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වුවත් මෙම නාය යාමට හසුව මුහුදට ගසා ගෙන ගිය සුනඛයෙකු ජීවිතාරක්ෂක කණ්ඩායමක් විසින් හෙලිකොප්ටරයක් ආධාරයෙන් ගොස් බේරා ගැනීමට සමත්ව ඇත.