Thursday, May 2, 2024

General line - 0115112241

ෆ්ලොයිඩ් ගේ ඝාතනයේ උණුසුම මැද අමෙරිකන් පොලිසියේ තවත් අමානුෂීය පහරදීමක් (VIDEO)




ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනනයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණයක් අතර වාරයේදී අමෙරිකාවේ සිදුවූ තවත් පොලිස් පහර දීමක් සම්බන්ධයෙන් එරට නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

නිව්යෝර්ක් හි පැවති උද්ඝෝෂණයක් අතර වාරයේ රාජකාරියේ නියුතු නිලධාරින් දෙදෙනෙකු විසින් 75 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකු බැටන් පොල්ලක ආධාරයෙන් තල්ලු කොට බිම හෙලන අතර එලෙස බිම ඇද වැටුණු පුද්ගලයාගේ කනෙන් ලේ ගලා ගෙන යන අයුරුද එම වීඩියෝවේ දැක්වෙනවා.

මෙම පහරදීම එම ස්ථානය අසල සිටි මාධ්‍යවේදියෙක් විසින් වීඩියෝ ගත කර ඇති අතර පසුව එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

මෙම සිදුවීමත් සමග නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් අදාළ පොලිස් නිලධාරින් දෙදෙනාගේ වැඩ තහනම් කොට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

රෝහල් ගත කර සිටින එම වයෝවෘද්ධ පුද්ගලයාගේ තත්ත්වය බරපතල වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

අමෙරිකාවේ පොලිස් නිලධාරින් විසින් සිදුකරනු ලබන මෙවැනි පහරදීම් සම්බන්ධයෙන් මේ වන විට එරට ජන සමාජයේ මේ වන විට දැඩි කතා බහක් මෙන්ම විරෝධතාවයක් ඇතිව තිබෙනවා.

(Vide credit : Radio station WBFO / USA)

Chat Conversation End Type a message...