Thursday, May 2, 2024

General line - 0115112241

රාජ්‍ය අමාත්‍යංශවල ලේකම්වරුන් 34 දෙනෙකුට විකල්ප පත් වීම්




රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් ලෙස සේවය කරමින් සිටි 34 දෙනෙකු ඊට අදාළ කැබිනට් අමාත්‍යංශයන්හි අතිරේක ලේකම්වරුන් ලෙස පත් කිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සිටියදී හිමි වූ වැටුප සහ සියලූ දීමනා ඔවුන්ට තවදුරටත් එලෙසම ලබා දීමටයි වැඩිදුරටත් තීරණය කර තිබෙන්නේ. මෙම පත්කිරීම් මහ මැතිවරණය අවසන් වන තෙක් පමණක් වලංගුවන බවද රජයේ ආරංචි පැවසුවා.

පාර්ලිමේන්තුව විසුරුවා හරින විට පත්කරනු ලැබ සිටි රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ගණන 36 දෙනෙක්. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග ඔවුන්ගේ ධූර අහෝසි වුණා. ඒ අනුවයි රාජ්‍ය අමාත්‍යංශවල ලේකම්වරුන් මෙලෙස අදාළ කැබිනට් අමාත්‍යංශයන්හි අතිරේක ලේකම්වරුන් ලෙස පත් කිරීමට තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් ලෙස සේවය කළ දෙදෙනෙකුගේ පමණක් සේවය අත්හිටුවා තිබෙනවා. ඒ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර සහ මහාචාර්ය රංජිත් දිසානායක යන අයගේයි. ඔවුන් විශ්වවිද්‍යාල අචාර්යවරුන් වන ඔවුන් දෙදෙනා රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම් ධුර සඳහා පත්කරනු ලැබ සිටියා. 

මහාචාර්ය සුනන්ද බණ්ඩාර කටයුතු කළේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසයි. මහාචාර්ය රංජිත් දිසානායක නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළා.