Monday, April 29, 2024

General line - 0115112241

ඉන්දියා-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සැළසුම් කළ පරිදි සිදු නොවේ




ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය සැලසුම් කළ පරිදි මෙම මාසයේදී නොපැවැත්වෙන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ කොරෝනා වසංගතයත් සමග මෙම තරග සංචාරය සැලසුම් කළ පරිදි සිදුකළ නොහැකි බව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය දැනුම් දී ඇති බවයි. ඉන්දීය කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරය සඳහා එක්දින තරග 03 ක් සහ පන්දුවාර 20 තරග 03 ක් ඇතුළත්ව තිබුණා. 

කෙසේවෙතත්, මෙම තරගාවලිය අගෝස්තු මාසයේදී පැවැත්වීමට දෙරටේ කි‍්‍රකට් පාලක මණ්ඩලවල අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ. කි‍්‍රකට් තරග යළි ආරම්භ කිරීම සඳහා තීරණයක් ගැනීමට පෙර ඒ සඳහා ඉන්දීය රජය සහ සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදිය යුතු බවයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත්තේ.