Thursday, May 2, 2024

General line - 0115112241

නිදහස් චතුරශ්‍රය අසල වෙඩි වැදී මියගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළිවෙයි




කොළඹ නිදහස් චතුරශ්‍රය අසල වෙඩි වැදී මිය ගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාවය පොලිසිය විසින් හෙළිකර ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පොලිස් උද්‍යානය, මිලාගිරිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මළ සිරුර අසල තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබ තිබෙනවා.

ඔහු ව්‍යාපාරිකයෙක් වන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

එමෙන්ම මෙම පුද්ගලයා අසනීපයකින් පෙළෙන බැවින් තමන් සියදිවි හානිකර ගන්නා බවට පවසමින් ලියු ලිපියක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.