Thursday, May 2, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 46 දෙනෙකු සුවය ලබයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 46 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව මේවනවිට මෙරටදී සුවය ලැබූ සමස්ථ නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,196 ක්.

මේවනවිට මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,877 ක් වුවද, ඉන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 670 දෙනෙකු පමණයි.