Tuesday, May 7, 2024

General line - 0115112241

ජන්ම දිනය දා ජනපති ගෝඨාභය අනුරපුරයේදී කිරි ආහාර පූජාවක




සිය 71 වන ජන්ම දිනය අද සමරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියස අද අලූයම පැවැති කිරි ආහාර පූජාවකට එක්වෙමින් ආශිර්වාද ලබාගත්තා. 

එම කිරි ආහාර පූජාව පැවැත්වුණේ අනුරාධපුර රුවන්වැලි සෑ විහාරාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩමවීමෙන්. 

මෙම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම අමාත්‍ය චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටියා. 

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ද දිනය වෙනුවෙන් රුවන්වැලි සෑ රදුන් වෙනුවෙන් කප්රුක් පූජාවක් ද සිදු කෙරුණා. 

ජනාධිපතිවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් රුවන්වැලි සෑ රදුන් අභියස අද පැවැති  ආගමික වතාවත් සඳහා යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද එක්ව සිටියා.