Tuesday, May 7, 2024

General line - 0115112241

ගල්කිස්ස වෙරළ තීරයට වැලිපිරවීමට එරෙහිව අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්




ගල්කිස්ස වෙරළ තීරය සංවර්ධනය කිරීමේ අරමුණින් සිදුකර ඇති අසාර්ථක වැලි පිරවීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය සහ පරිසර අමාත්‍යවරයා හරහා විදිමත්  පරීක්ෂණයක් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ඊයේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ, පරිසර යුක්ති කේන්ද්‍රය විසින්.

පරිසර අමාත්‍යවරයා, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශ්වයන් කිහිපයක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව මෙම වෙරළ තීරයේ වැලි පිරවීමේ කටයුතු ජාතික පාරිසරික පනත සහ වෙරළ සංරක්ෂණ පනත ආදී අණපනත්වල ප‍්‍රතිපාදන අනුව සිදුවී ඇත්දැයි පරික්ෂා කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසටයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. 

එමෙන්ම ගල්කිස්ස මුහුදු ප‍්‍රදේශයට කැලිකසල මුදාහැරීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.