Wednesday, May 8, 2024

General line - 0115112241

මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවූ මත්කුඩු ජාවාරම හෙළි වෙයි




මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවූ මත්කුඩු ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 03 දෙනෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් අතර කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සැරයන්වරයෙකු ද වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ. 

40 හැවිරිදි එම සැකකරු සීදූව ධීවර තොටුපළ මාර්ගයේදී හෙරොයින් ග‍්‍රෑම් 100 ක් සහ කේරළ ගංජා ග‍්‍රෑම් 400 ක් සමග ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලට අනුවයි මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවූ මෙම මත්කුඩු ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත්තේ. 

එම තොරතුරුවලට අනුව සිදුකළ වැටලීමකදී මීගමුව බන්ධනාගාරයේ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවූ රැඳවියාගේ නිවසේ තිබී කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 02 කට ආසන්න ප‍්‍රමාණයක් සමග ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා. 

ඇයගේ සහෝදරයෙකු ද කේරළ ගංජා ග‍්‍රෑම් 455 ක් සමග අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.