Saturday, April 20, 2024

General line - 0115112241

“සැමට සුපිරි දිනුම්” තරඟයේ ජයග්‍රාහකයන්ට JAT ලබාදුන් සුපිරි තෑගි මෙන්න (VIDEO)




ගෘහ භාණ්ඩ හා නිමකිරීම් කර්මාන්තයේ ලාංකික වෙළඳපොල ප්‍රමුඛතමයන් වන JAT හෝල්ඩින්ග්ස්, Permoglaze—”සැමට සුපිරි දිනුම් – සූරන්න දිනන්න” තරඟයේ වාසනාවන්ත ජයග්‍රාහකයන් හට ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා සිදු කරන ලදී.

මෙම තරඟය පසුගිය දෙසැම්බර් මස සිට මේ වසරේ අප්‍රේල් මස දක්වා මාස 05 ක කාලයක් පුරා පැවැත්විනි.
මෙහි ප්‍රථම ස්ථානය දිනාගත් ජයග්‍රාහකයා හට නවීන Alto මෝටර් රථයක් හිමි වූ අතර දෙවන හා තෙවන ස්ථාන දිනූ ජයග්‍රාහකයන් හට වටිනා මෝටර් බයිසිකල් දෙකක් හිමි විය. මීට අමතරව සැනසිලි ත්‍යාග ලෙස ස්මාර්ට් ජංගම දුරකථන 100 ක් ලබා දෙන ලදී. මීට අමතරව මෙම සීමාව තුළ Permoglaze මිලදී ගත් සෑම පාරිභෝගිකයෙකුටම ක්ෂණික මුදල් තෑගිද ලබා දෙන ලදී.

මෙම සිත් ඇදගන්නා සුළු ප්‍රවර්ධන වැඩසටහන දෙසැම්බර් මස දියත් කිරීමට හේතු වුයේ නිවාඩු සමයේ Permoglaze නිෂ්පාදන මිලදී ගන්නා පාරිභොගීකයන් වැඩි පිරිසක් හට දිනුම් අවස්ථා ලබා දීමට ඇති හැකියාව නිසාය.

මීට අමතරව තම නිෂ්පාදනයන් විශිෂ්ඨ ලෙස පාරිභෝගිකයන් හට අළෙවි කරමින් ඒවා ප්‍රවර්ධනය කිරීමට දක්වන්නාවූ දායකත්වය වෙනුවෙන් JAT හෝල්ඩින්ස් දිවයින පුරා විසිර සිටින තම අලෙවි නියෝජිතයින් 32 කු සඳහා සියලූ වියදම් සහිතව තායිලන්ත හා ඕස්ට්‍රේලියා සංචාර පිරිනමන ලදී.

JAT හෝල්ඩින්ස් හි කළමණාකාර අධ්‍යක්ෂක ඊලියන් ගුණවර්ධන මහතා අදහස් දක්වමින්
“අපි සතුටු වෙනවා පාරිභෝගිකයන්ට ත්‍යාග ලබා දීමට පමණක් සීමා නොවී අප තීන්ත නිෂ්පාදනයන් ලංකාව පුරා ඛෙදා හැරීමට කැපවීමෙන් හා වෙහෙසීමෙන් වැඩ කරන අප අලෙවි නියෝජිතයන්ටද ඔවුන්ගේ සේවය අගය කිරීමක් ලෙස ත්‍යාග පිරිනැමීමට හැකි වීම ගැන. දිවයිනේ සෑම තැනකටම අප තීන්ත අළෙවි කරන ඔවුන් සැබැවින්ම අපගේ සන්නාම නාම තානාපතිවරුන් ලෙස හැඳින්විය හැකියි.”

එම අවස්ථාවේ වීඩියෝව බලන්න පහතින්