Monday, April 29, 2024

General line - 0115112241

ICC සභාපතිධුරය භාර ගන්නේ නැහැ : ඇත්ත අවසානයේදී හෙළි වේවි - සංගක්කාර කියයි




හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැය 09 කට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මිට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගියා.

සිය ප්‍රකාශය ලබා දීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුමාර් සංගක්කාර කියා සිටියේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සිදුකල ප්‍රකාශයේ ඇත්ත නැත්ත ගැන දැනට සිදුකරගෙන යන විමර්ශන වලින් පසු තහවුරු වෙනු ඇති බවයි.

මෙහිදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කුමාර් සංගක්කාර කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිධුරය දැරීමට තමන් මේ මොහොතේදී සුදානම් නොමැති බවයි. තමන් භාරගත් වගකීම් කොටසක් ඇති බව පැවසූ ඔහු එය සියල්ලට පෙර ඉටුකල යුතු බවද කියා සිටියා.

2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කොට තිබුණා.