Monday, April 29, 2024

General line - 0115112241

ලෝක කුසලාන අවසන් මහ තරගයේ ශතකලාභී මහේල්වත් විශේෂ විමර්ශන ඒකකයට කැඳවයි




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශතකයක් වාර්තා කළ මහේල ජයවර්ධන ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත හෙට පෙරවරු 9.00 ට කැඳවා තිබෙනවා.

ඒ, 2011 ලෝක කුසලාන අවසාන මහ තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

මෙම විමර්ශනයට අදාලව මේ වන විට හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා, උපුල් තරංග, කුමාර් සංගක්කාර ගෙන් විශේෂ විමර්ශන කොමිසම ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.

මේ වන විට ක්‍රිකට් ක්‍රීඩකයින් ගෙන් සිදු කෙරෙන ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන්ට මෙන්ම රටට ද සිදුවන අපකීර්තිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව තුල මෙන්ම සමාජයේදී දැඩි කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා.