Friday, May 10, 2024

General line - 0115112241

ලොවක් කතාබහ කළ ජයාරූපයක සිටි පුද්ගලයෙකු කොරෝනාවට බිළිවෙයි




අමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දකුණු කුළුණට එල්ලවූ ප්‍රහාරයේදී බියට පත්ව මිනිසුන් දිව යන අයුරු දැක්වෙන සුප්‍රසිද්ධ ජායාරූපයේ සිටින පුද්ගලයෙකු නව කොරෝනා වෛරසයෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ස්ටීවන් කුපර් නම් එම පුද්ගලයා 2001 වර්ෂයේ සැප්තැම්බර් 11 වෙනිදා මැන්හැටන් ප්‍රදේශයේදී පුවත් පත් බේදා හරිමින් සිටියදී ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී තිබුණා.

"ඔහු ඉතා ආඩම්බරයෙන් එම ජායාරූපය ඔහුගේ මුදල් පසුම්බියේ තබා ගෙන සිටියා. කවුරුන් හෝ සමග ඔහු කතා කරන වීට එම ජයාරූපය ඔහු එම අමුත්තාට පෙන්වනවා. ඇත්ත වශයෙන්ම ඔහු එම ජායාරූපයේ සිටින බවට දැන ගත්තේ එය පුවත් පතේ පලවී සති දෙකකුත් ගත වුවාට පසුවයි" කූපර් ගේ 33 හැවිරිදි සහකරු ජැනට් රැෂස් ප්‍රකාශ කර සිටියා.

එම ජායාරූපයේ වම් පස කෙලවරේ කලු පැහැති ෂර්ටයකින් සැරසී උපැස්යුවලක් පැළද සිටින්නේ කොරෝනා වෛරසයෙන් ජිවිතක්ෂයට පත්වූ ස්ටීවන් කුපර් ය.