Friday, May 10, 2024

General line - 0115112241

කොරෝනා ආසාදනය වී නැති බවට ව්‍යාජ සහතික නිකුත් කළ රෝහල් හිමිකරුවෙකු බංග්ලාදේශ පොලිසියේ අත්අඩංගුවට




ව්‍යාජ කොවිඩ් 19 රසායනාගාර පරීක්ෂණ වාර්තා දහස් ගණනක් නිකුත් කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් රෝහල් හිමියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් බංගලාදේශයෙන් වාර්තා වනවා.

මෙම රෝහල් හිමියා විසින් අමෙරිකානු ඩොලර් 350,000ක් වටිනාකමකින් යුත් කොවිඩ් 19 පර්යේෂණ වාර්තා නිකුත් කර ඇති බවට හෙළිව ඇත. ඇතිව තිබෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය මත බංග්ලාදේශයේ සෞඛ්‍ය සේවයේ සම්බන්ධයෙන් ප්‍රබල ගැටළුවක් පැන නැගී තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

43 හැවිරිදි මෙම රෝහල් හිමියා කාන්තාවක් මෙන් බුර්කාවකින් සැරසී ගඟක් ඔස්සේ බෝට්ටුවක ආධාරයෙන් අසල්වැසි ඉන්දියාවට පැන යාමට උත්සහ කිරීමේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම රෝහල් හිමියා විසින් මුදලට විවිධ පුද්ගලයින්ට PCR පරීක්ෂණ වාර්තා නිකුත් ඇත්තේ ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව සඳහන් කරමින්ය. එම පුද්ගලයින්ව කොරෝනා පරීක්ෂණයට ලක් කිරිමකින් තොරව බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් පුද්ගලයින් 6500ක ගේ පමණ මෙලෙස ව්‍යාජ පරීක්ෂණ සිදුකොට ඇති බවට හෙළිව ඇත. අත්අඩංගුවට ගනු ලැබු සැකකරු දින 10ක් රඳවා ගෙන ප්‍රශ්න කිරිමට එරට අධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා.

මිට පෙර අවස්ථාවකදී දී පරික්ෂණයට ලක් නොකට පුද්ගලයින්ට කොරෝනා වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලබා දුන් රෝහල් හිමියෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ වන විට බංග්ලාදේශයේ කොරෝනා ආසාදිත රෝගීන් 193,500ක් හා මරණ සංඛ්‍යාව 2,457ක් වාර්තා වී තිබෙනවා.