Thursday, May 2, 2024

General line - 0115112241

දළඳා වහන්සේගේ ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් සාක්ෂියක් හමුවේ




දළඳා වහන්සේගේ ඉතිහාසය මතුවන වැදගත් සාක්‍ෂි කිහිපයක් සේරුවිල පුදබිමෙන් සොයාගෙන තිබෙනවා. ඒ, සේරුවිල පිහිටි ඓතිහාසික විල්ගම් වෙහෙර රජමහා විහාර පරිශ‍්‍රයේ සිදුකළ කැණීම්වලදියි. 

පුරාවිද්‍යා බලධාරීන් පවසන්නේ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළඳා වහන්සේ නිදන් කර තනා ඇති බවට අනුමාන කළ හැකි ස්ථූපයක් පිළිබද තොරතුරු අනාවරණ වී ඇති බවයි. 

කෙසේවෙතත් පුරාවිද්‍යා බලධාරීන් පවසන්නේ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළඳා වහන්සේ මෙම ස්ථානයේ නිදන් කර තිබුණේ දැයි යන්න තහවුරු කර ගැනීම සදහා තවදුරටත් පරීක්‍ෂණ සහ කැණීම් සිදුකළ යුතු බවයි.