Wednesday, May 8, 2024

General line - 0115112241

නිරෝධායන නීති කැඩු සම්භාහන ආයතන පහක් වටලයි




නිරෝධායන නීති උල්ලංඝණය කරමින් බස්නාහිර පළාත තුළ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 05 ක් වටලා ඒවායෙහි සේවය කළ කාන්තාවන් 05 දෙනෙකු සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක කළ වැටලීම්වලදීයි. 

එමෙන්ම බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ රහිතව ගමන් කළ පුද්ගලයින් 1,408 දෙනෙකුට සහ දුරස්ථභාවය පවත්වා නොගත් පුද්ගලයින් 1,115 දෙනෙකුට අවවාද කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබෙනවා.