Saturday, September 21, 2024

General line - 0115112241

සමන්තුරය මනුෂ්‍ය ඝාතනයට හේතුව හෙළි වෙයි (UPDATE)




සමන්තුරය වයික්කාල් පාර ප‍්‍රදේශයේදී සැමියා විසින් සිය බිරිඳ ඝාතනය කර ඇත්තේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසුව බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ සමන්තුරය මහේස්ත‍්‍රාත්වරයා විසින් විමර්ශන සිදුකරනු ඇති බවයි.

සැකකරු සිය බිරිඳට පහර දී ගිනි තබා ඝාතනය කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

………………………………………………………….

බිරිය මරා පිලිස්සූ සැමියා මාට්ටු (PHOTOS)

Aug 5, 2016 @ 13:13

සිය බිරිඳ ඝාතනය කර පිළිස්සූ බව කියන සැමියෙකු අම්පාර සමන්තුරෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

මෙසේ ඝාතනය වී ඇත්තේ මොරිස් අමිලා නැමැති 30 හැවිරිදි කාන්තාවක්.

අද (05) අලුයම 3ට පමණ ඔවුන් ජීවත් වූ නිවස අසළ මෙම ඝාතනය සිදුවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ පිලිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇති බවයි අම්පාර පොලීසිය සඳහන් කළේ.

AMPARA www.nethnews.lk0001 AMPARA www.nethnews.lk0002 AMPARA www.nethnews.lk0003