Monday, May 6, 2024

General line - 0115112241

ලෙබනනයේ බේරූට්හි පිපිරීම බාහිර බලපෑමකින් සිදු වූවාදැයි සැකයක්




ලෙබනනයේ බේරූට්හි සිදුවූ පිිපිරීම බාහිර බලපෑමකින් සිදුවී ඇත්දැයි සොයා බැලීමට විමර්ශනයක් සිදු කරන බව එරට ජනාධිපති මයිකල් අවුන් පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අදාළ පිපිරීම රොකට් ප‍්‍රහාරයකින් හෝ බෝම්බ ප‍්‍රහාරයකින් සිදුව තිබීමට ද ඉඩ පවතින බවයි. පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නැහැ.

ලෙබනන් ජනාධිපති මයිකල් අවුන් පසුගියදා ප‍්‍රකාශ කළේ ටොන් 2750 ක ඇමෝනියා නයිට්ටේ‍්‍රට් පුපරන ද්‍රව්‍ය, අනාරක්ෂිත ලෙස වරායේ ගබඩා කර තිබීම හේතුවෙන් එම පිපිරීම සිදුව ඇති බවයි. නමුත්, බාහිර බලපෑමක් මත එය සිදුවූ බවට කරුණු අනාවරණය වුවහොත් ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන තවදුරටත් දැඩි කරන බව ද ජනාධිපති මයිකල් අවුන් සඳහන් කළා. සිද්ධියට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 20 දෙනෙකු මේ වනවිට රඳවාගෙන ප‍්‍රශ්න කිරීම් කි‍්‍රයාත්මක බව ද ලෙබනන ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

ලෙබනනයේ බේරූට් වරායේ පසුගිය 03 වනදා හටගත් එම පිපිරීමෙන් පුද්ගලයින් 157 දෙනෙකු මියගියා. තවත් පුද්ගලයින් පන්දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.