Tuesday, April 30, 2024

General line - 0115112241

ළමා අපචාරවලටත් වෙනම අධිකරණයක්




ළමා අපචාර සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට මේ වනවිට අවධානය යොමුවී ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසනවා.

"සමහර කරුණු සඟවාගෙන ඉන්න බැහැ..මල් වැනි දරුවන්ට ප්‍රශ්නයක් වුණොත් එහි ප්‍රතිවිපාක ජීවිත කාලයටම බලපානවා..එවැනි දේ සම්පුර්ණයෙන් නවතා දැමිය යුතුයි. එම වැඩකටයුතු සිදුකිරීමට එයට අවශ්‍ය නීති ගෙන්න පුළුවන්. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ඇතිව ළමා අපචාරයන් සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට කටයුතු කරනවා. මේ ප්‍රශ්නය ඒ තරම්ම වැදගත්" යැයි කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියා.