Thursday, April 18, 2024

General line - 0115112241

හාතාවාරිය කැඩීමට ගිය පුද්ගලයාට ඹබර ප්‍රහාරයක් : නාසයේ සිරවී සිටි බඹරුන් 11 දෙනෙකු වෛද්‍යවරුන් ඉවත් කරයි (PHOTOS)

ප්‍රසන්න පත්මසිරි - ලුණුගල




බඹර ප්‍රහාරයකට ලක්ව බදුල්ල මහ රෝහලට අද  සවස ඇතුලත් කළ රෝගියෙකුගේ නාසයෙන් ඹබරුන් 11 දෙනෙකු පිටතට ගැනීමටත් ඔහුගේ ශරීරය පුරා තිබු බඹරුන් ගේ විෂ තුඩවල් දහස් ගණනක් ඉවත් කිරීමට වෛද්‍යවරුන් තිදෙනෙකුට හා හෙදියන් හයදෙනෙකුට පැය දෙකක කාලයක් ගතවු බව වෛද්‍ය පාලිත රාජපක්ෂ ප්‍රකාශ කර සිටියා.

ගලඋඩ ප්‍රදේශයේ මුලික රෝහලේ සිට බදුල්ල මහ රෝහල වෙත අද සවස මාරු කොට එවන ලද වයස අවුරුදු 70ක පමණ වන පුද්ගලයෙකු මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. බඹර ප්‍රහාරයට ලක්වු මෙම පුද්ගලයා ගලඋඩ ගම්මානයේ කැළැවකට හාතාවාරිය කොළ කැඩීම සදහා ගිය අවස්ථාවේදි බඹර වදයක් ඇවිස්සී එහි සිටි සතුන් දහස් ගණනක් දෂ්ඨ කර තිබෙන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

ප්‍රදේශවාසීන් විසින් අනතුරට ලක්වු පුද්ගලයා ගලඋඩ රෝහලට ගෙන එන විටත් ශරීරය පුරා බඹරුන් පිරී සිටිය බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

බඹර ප්‍රහාරයට ලක්වු බරපතල තුවාල ලබා සිටින මෙම රෝගියා මේ වන විට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.