Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය හිටපු ජනමාධ්‍ය ඇමතිගේ සේවය අගයයි




ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය අද හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හමුවුනා. එහිදී ඔහු අමාත්‍යවරයා වශයෙන් සිටියදී මාධ්‍ය වෙනුවෙන් සිදු කල සේවය අගයනු ලැබූ අතර ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඉදිරියටත් තමන් සහයෝගය ලබා දෙන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කලා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරිය,ලේකම් ලක්සිරි වික්‍රමගේ සහ එහි විධායක සභාව නියෝජනය කරන වෛද්‍ය නිහාල් ජයතිලක,සුදේව හෙට්ටිආරච්චි ,ශනිල් මෙන්ඩිස්,අජිත් නාරගල,සුදත් රෝහණ,ජගත් වික්‍රමසිංහ සහ නුවන් ලියනගේ ඇතුලු ජනමාධ්‍ය ප්‍රධානීන් එක්ව සිටියා.