Friday, April 26, 2024

General line - 0115112241

කොළඹ පිහිටි උසම ගොඩනැගිලි අතරට එක්වන අල්ටයර්




කොළඹ පිහිටි උසම ගොඩනැගිලි අතරට එක්වන අල්ටයර් ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් සියයට 70 කින් පමණ මේ වනවිට අවසන් කර තිබෙනවා.

බේරේ වැව ඉදිරිපිට ඉදිකෙරෙන මෙම නේවාසික සහ වානිජ ගොඩනැගිල්ල ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (31) පස්වරුවේ නිරීක්‍ෂණයටද ලක් කළා.

අධිසුඛෝපභෝගි නිවාස 404 කින් සහ ඉහළ ප‍්‍රමිතියේ සාප්පු සංකීර්ණයක්ද අයත් මෙම ගොඩනැගිල්ල කුළුණු දෙකකින් සමන්විතයි.

නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙවැනි ඉදිකිරීම් සංචාරක ආකර්ශණයට හේතු වන බවයි. එහි ඉතිරි වැඩ ජනවාරි මාසය වනවිට නිම වනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්‍ෂා කර තිබෙනවා.